පාසලේ ඉතිහාසය

අ/රන්පත්විල මහ විද්‍යාලයේ 102 වන ජන්ම දිනය සැමරුම

IMG-20230509-WA0086.jpeg
IMG-20230509-WA0086.jpeg

කහටගස්දිගිලිය නගරයේ සිට අනුරාධපුර මාර්ගයේ සැතපුම් 3ක් පමණ දුරින් පාර අද්දර ඉදි කරන ලද අ/රන්පත්විල විදුහල ආරම්භ කරන ලද්දේ 1922.07.10 වන දිනය.

දැනට පවතින ලොග් සටහන් පොත් සහා එදා මෙදා තුල ජීවත් වන ගැමියන් අතලොස්සකගෙන් සපයා ගත් කරුණූ අනුව පාසලේ ඉතිහාසය පිලිබදව ඉතා කෙටි සටහනක් මෙහි සහිටුවන් කරමු !

20 වන සියවසේ දෙවන දශකයේ එවකට විසූ මුදලිහාමි ආරච්චිල මහතාගෙ ප්‍රධානත්වයෙන් රන්පත්විල හා අවට ගම් වැසියන්ගේ සහයෝගයෙන් පිදුරු සෙවිලි කල කටු මැටි ගැසූ තාවකාලික පාසල් ගොඩනැගිල්ලක් ඉදිකල බව කියැවේ.එය දැනට පවතින බහුකාර්‍ය
ගොඩනැගිල්ලට දකුණූ දෙසින් අඩි 60 ක පමණ දිගකින් යුතුව නිමකරන ලද ශාලාවකි . එහි යාබද කාමරය විදුගහල්පති නිවස විය.

1922.07.10 දින මහා බුලංකුලම මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් දුගී ගැමි දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට මෙම විදුහල ආරම්භ කරන ලද බවට ලොග් සටහන් යොදා ඇත.පාසලේ ආරම්භක ගුරුවරයෙකු ලෙස W.A.හේරත්හාමි මයා 1922.07.10 අප පාසලේ
වැඩ භාරගෙන ඇත.

1922.07.22 වන දින වන විට ළමුන් 15ක් පාසලට භාරගෙන තිබුණී.1924.05.28 වන දින පාඨශාලා අධ්‍යක්ෂක තුමාගෙ ලොග් සටහන් වාර්තා අනුව ශිෂ්‍ය සංඛ්‍යාව 62ක් දක්වා වර්ධනය වී තිබූ අතර භොඌතික භාණ්ඩ වශයෙන් එක් කලු ලෑල්ලක් පැවති බවට
සදහන් වේ.1924 වන විට ද ළමුන්ට වාඩි වීමට තිබුණේ ඩෙස් පුටු වෙනුවට පන් පැදුරුය.


1925.01,17 දක්වා W.A.හේරත් හාමි මයා මුල් ගුරු තනතුරෙහි වැඩ බැලුවද එතැන් සිට T.M.වීරතිලක මයා මෙම විදුහලෙහි මුල් ගුරු වශයෙන් වැඩ භාරගෙන ඇත.

1932 හි දී පමණ පාසල සදහා උළු වලින් සමන්විත ස්ථිර ගොඩනැගිල්ලක් ලැබී ඇතිබව සදහන් වේ.1959 දී තවත් ශාලාවක් ඉදී වූ අතර එය "පුබුදු" ශාලාව නමින් කාර්‍යාලය ලෙස වෙන් කොට තිබිණී.

  • 1960 ගණන් වල දී ඉඩ පහසුකම් සහිත විදුහල්පති නිල නිවාසයක් ඉදි විය.1977දී විදුහල්පතිව සිටි දයා කරුණාරත්න මහත්මියගේ කාලයේ අඩි 60ක පමණ දිග ශාලවක් හා බුදුමැදුරක් ඉදි කරන ලදි.පාසලෙ ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනය සැලකූ විට,

  •  1922 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 15ක් පමණ විය.

  •  1925 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 62ක් පමණ විය.

  •  1929 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 135ක් පමණ විය.

  •  1932 සිට 1945 දක්වා ශිෂ්‍ය සංඛ්‍යාව 135 සිට 98 දක්ව අඩු වී ඇත'

  •  1945 ජූනි 30 වන දිනට ශිෂ්‍ය සංඛ්‍යාව 152 සිට 281 දක්වා වැඩි විය.

  •  1984 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 300 ඉක්මවිය.

  • 1990.01.01 දින සිට අ/රනපත්විල මහා විදුහලක් බවට පත් විය. ඒ යටතේ අ.පො.ස (උසස් පෙළ) කලා අංශයද ආරම්භ විය.

  •  1993 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 512ක් පමණ විය.

     

  • 2021 වන විට එක් එක් ශ්‍රේණී වල සමාන්තර පන්ති 03 බැගින් පවතින අතර කලා, වාණිජ යන අංශ දෙකම පාසල තුල ක්‍රියාත්මක විය.එමෙන්ම විශ්ව විද්‍යාල වරම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද සෑම වසරමකම දක්නට ඇත

ආරම්භ කළ වර්ෂය

1922.07.10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

15

මුල් ගුරුතුමාගේ නම

W.A.හේරත් මයා.

පාසලේ ආදි කතෘගේ නම

මහා බුලංකුලම මැතිදුන්.

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

රන්පත්විල මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1922

පාසල පැවැත්වූ ස්ථානය

රන්පත්විල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ගුණතිලක නංහාමි

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1922.07.10