අ/රන්පත්විල මහ විද්‍යාලයේ 102 වන ජන්ම දිනය සැමරුම

IMG-20230509-WA0086.jpeg
IMG-20230509-WA0086.jpeg

විදුහල්පති පණිවිඩය

U.G.P.කුලතුංග මිය

අප පාසල සඳහා ‌නිල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මහත් සතුට දනවන කරුණක් වේ. මන්ද යත් කලක සිට පවතින අවශ්‍යතාවයක් ඉටුවීම ඊට හේතුවයි. දිනෙන් දින දියුණව කරා යන පාසලේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂ මං සලකුණක් ලෙස සැලකිය හැකි අවස්ථාවකි. මේ තොරතුරු තාක්ෂණ යුගයයි. පාසලේ තොරතුරු විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම යහපත් වන නමුත් වඩා විශාවාසදායි ,නිවැරදි හා යාවත්කාලීන වූ තොරතුරු බෙදා හදා ගැනීමේ වඩාත් සුදුසු මෙවලම පාසල් නිල වෙබ් අඩවිය ලෙස සැලකිය හැකියි. මේ නිසා පාසල් වෙබ් අඩවියට විශේෂ වටිනාකමක් හිමි වේ.මේ සඳහා දිරියෙන් කටයුතු කළ වෙබ් අඩවි සංවර්ධන ශිෂ්‍ය කණ්ඩායම ඇතුළු සහයෝගය දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

U.G.P.කුලතුංග මිය
විදුහල්පති
අ/රන්පත්විල මහ විද්‍යාලය.